නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      අක්‍රමිකතාවයට දායක වන සියලු දෙනාට කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් දෙනවා -ප්‍රවාහන අමාත්‍ය

    අගෝස්තු 22, 2023

    අක්‍රමිකතාවයට දායක වන සියලු දෙනාට කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    කොළඹදී පැවති වැඩසටහනකට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී මාධ්‍යවේදීන් ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීම පිලිබඳ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මෙලෙස අදහස් දක්වන ලදි.

    "ලංකා ගමනාගමන මණ්ඩලයේ පරිපාලනයට පාලනය කළ නොහැකි තරමට ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් දිනපතා එහි ආදායමෙන් විශාල ප්‍රමාණයක් බෙදාගැනීම පුරුද්දක් බවට පත්ව තිබෙනවා.
    ලංගම වැටලීම් ඒකකය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම නිසා දිනපතාම මගින් විශාල පිරිසකට ප්‍රවේශ පත් ලබා නොදීමෙන් ලක්ෂ සියයකට අධික මුදලක් ආයතනයට අහිමි වන බව පෙනී ගොස් තිබෙනවා.

    මෙම අක්‍රමිකතාවය වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර, එහි එක් පියවරක් ලෙස ලංගම හදිසි වැටලීම් ඒකකය විසුරුවා හැරීමට පියවර ගත්තා.

    එළඹෙන සතිය වන විට ලංගම ප්‍රාදේශික වශයෙන් ජංගම වැටලීම ඒකක 12ක් ස්ථාපිත කරන්නට මා සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික දේපල සොරකමක්‌ වන මේ තත්ත්වය පිළිබඳව පොලිස්පතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබෙනවා.එය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි.

    සෑම ගමන් වාරයකදීම විශාල මුදලක් මේ ආකාරයෙන් සොරකම් කිරීම තුළින් කිසිසේත්ම ආයතනය ගොඩ ගැනීමට නොහැකි වන බව වෘත්තිය සමිති ඇතුළු අනෙකුත් සියලු දෙනාටමත් දැනුම් දී තිබෙනවා.

    බස් රථයකට ගොඩවන සෑම අවස්ථාවකදීම වලංගු ප්‍රවේශ පත්‍රයක් අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙස මා මගී ජනතාවගෙන්ද ඉල්ලීමක් කරනවා. එලෙස ප්‍රවේශ පත්‍ර ලබා නොදී සිටිනවා නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට විශේෂ ක්‍රමවේදයක් ද කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නවා.

    දිගින් දිගටම සිදුවන මෙම අක්‍රමිකතාවයට දායක වන සියලු දෙනාටම කිසිදු දේශපාලන, පක්ෂ පාට, තරාතිරමකින් තොරව සේවය අත්හිටුවා පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් ලබාදීමට අප කටයුතු කරනවා.

    ජනතාව සතු දේපලක් වන ලංකා ගමනාගමන මණ්ඩලය රැක ගත නොහැකි වුවහොත් එයින් විශාල ම පාඩුව වන්නේ සාමාන්‍ය මහජනතාව ටයි. එය රැකගත හැකිවන්නේ මේ ආකාරයට සිදුවන සොරකම, වංචාව නතර කිරීමෙන් පමණයි."

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya