නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව, නැගෙනහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ යළි ඇරඹෙන මෙම නියමු ව්‍යාපෘතිය මඟින් ලොව පුරා ප්‍රචලිත ත්‍රිකුණාමලය ස්වභාවික වරායේ අසිරිය නැරඹීමට සහ නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම් ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අනිල් බෝවත්ත මහතා ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහ සංචාරකයින් පිරිසක් සහභාගී වී සිටියහ.