එමෙන්ම සේවකයින් අඩු කරන්නේ ද නැති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
අධිවේගී මාර්ග කැබිනට් අනුමැතියකින් ගැසට් එකක් මගින් මුදල් අමාත්‍යංශය යටතේ ඇති සහස්යා යන සමාගමට
පවරා දී ඇති අතර ශේෂ පත්‍රයට වත්කම් වැඩි කර ගැනීමේ අරමුණින් මෙය සිදුකර ඇති බව පැවසීය. එය කිසිසේත්ම පුද්ගලික අංශයට පවරා දීමක් නොවන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ආර්ථික ආසානාසිය කෘතිය වෘත්තීය සමිති නායකයින් වෙත ලබාදීම අමාත්‍යවරයා අතින් සිදු විය.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ වෘතීය සමිති නියෝජිතයින් එක්විය.