රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17)කොළඹ තැපැල් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පිරිවැය ගණනය කිරීම වර්තමානයට ගැළපෙන පරිදි සිදුකළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය. දැනට වගා හානි සඳහා ඇත්තේ 2018 වර්ෂයේ චක්‍රලේඛය බවත්, 2023 වෙන විට එහි විශාල වෙනසක් සිදුව ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
ඇතැම් දේශපාලන පක්ෂ ගොවිජනතාවගේ මෙම ගැටලුවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.ගොවිජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයින් වශයෙන් රජය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වන්දි ලබා දීමේදී ඇති වන ප්‍රායෝගික ගැටලු අවම කරගිනිමින් එම කටයුත්ත සිදු කළ යුතු බව පැවසූ ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා දැනට කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ හිගයක් පවතින නිසා ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවද කීය.