මෙහිදි කරුණු දැක්වු සභාපතිවරයා, අද වන විට ලින්නන් මාලු මිල රුපියල් 400 ත් 500 ත් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වාද මිළ අඩු වී තිබෙන බව පැවසීය.
පසුගිය කාලයේ කෙළවල්ලා මාලු මිල රුපියල් 2200 ට අධික වු අතර අනිකුත් සියලු මාළු වර්ගයන් රුපියල් 1000 කට වඩා අධික විය. මේ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අසහනයකට පත් වු අතර දැන් වාරකන් කාලය අවසාන වෙමින් පවතින බැවින් මාලු මිල පහත බැස ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ නිසා පාරිභෝගික ජනතාවට ඉමහත් සහනයක් ලැබෙන බව ද ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරීන් කිහිපදෙනකු සහභාගි විය.