නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක්- පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 11, 2023

    කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙරට දියර කිරි භාවිතය ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මිල්කෝ ආයතනයේ කිරි මිලදී ගැනීම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

    පිටිකිරි භාවිතා කරන රටවල් 05න් එකක් තමයි ලංකාව. පිටිකිරි භාවිතය කාලෝචිත නොවන බව සහ සෞඛ්‍ය සම්පන්න නොවන බව අද වන විට වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා. මේ වන විට පසු වෙද්‍ය කාර්යාලා 337 මගින් දියර කිරී බෙදාහැරීමේ වැඩපිළිවළෙක් සහ නව ව්‍යවසායකයින් තෝරාගෙන දියර කිරී බෙදාහැරීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබෙනවා. රටේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන තිබෙනවා. පොල් ඉඩම් සංවර්ධනය කරකිරි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා යොදවනවා.

    මෙරට කිරි නිෂ්පාදනය සඳහා මෙතෙක් කලක් ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ.මිල්කෝ ආයතයේ කිරි මිලදී ගැනීහ පහළ යාම සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා
    මිල්කෝ ආයතයේ කිරි මිලදී ගැනීම පහළ ගොස් තිබෙනවා. එම කිරි ප්‍රමාණය වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,මෙම වසර අග වන විට ලංකාවට අවශ්‍ය බිත්තර සහ කුකුල් මස් මෙරටදීම නිෂ්පාදනය කර ගත හැකිවන බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya