නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශේෂ ජංගම සේවා වැඩපිළිවෙලක් 

    අගෝස්තු 11, 2023

    කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන සේවාවන් තවදුරටත් ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් සංවිධානය කළ විශේෂ ජංගම සේවාවක් කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින කැලණිය, පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණ.

    එහිදී කැලණිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ රජයේ ඉඩම් තුළ පදිංචි ජනතාවගේ ඉඩම් ගැටළු නිරාකරණය, උප්පැන්න, විවාහ හා මරණ සහතික පත් ලබාදීම, ජාතික හැඳුනුම්පත් ලබා දීම සඳහා අයදුම්පත් ලබා දීම සහ අනෙකුත් සේවාවන් සැපයීම, වැඩිහිටි හැඳුනුම්පත්, ආබාධිත දීමනා සහ අනෙකුත් සමාජ සුබසාධන ප්‍රතිලාභ සඳහා අඩු ආදායම්ලාභීන් ලියාපදිංචිය, විදෙස්ගත පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ ප්‍රශ්න, ගැටළු නිරාකරණය, විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් සඳහා වෘත්තිය පුහුණුව සඳහා යොමු කිරීම මෙන්ම රැකියා අවස්ථා සඳහා රැකියා වෙළඳපොළක් ඇතුළු සේවාවන් රැසක් මෙම විශේෂ ජංගම සායනය තුළ ක්‍රියාත්මක විය.

    මෙම ජංගම සායනයට සමගාමීව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමන්ගේ විශේෂ ඉල්ලීම මත කැලණිය ආයුර්වේද සංරක්ෂණ සභාව මගින් සායනයක්ද සංවිධානය කර තිබූ අතර එම සායනය කැඩුම් බිඳුම්, සර්වාංග, සර්ප විෂ ඇතුළු විශේෂඥ වෛද්‍ය සායන රැසකින් සමන්විත විය.

    එම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya