නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සුවෙන් සිටිමු ශ්‍රී ලංකා'' සමාරම්භක වැඩමුළුව ඇරඹෙයි

    අගෝස්තු 10, 2023

    ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය මෙන්ම සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියත් කිරීමට නියමිත “සුවෙන් සිටිමු ශ්‍රී ලංකා” වැඩසටහනෙහි මූලික හැඳින්වීම සහ සමාරම්භක වැඩමුළුව අද (10) පස්වරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රෙය්දී පැවැත්විණි.

    මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ මෙය සුවිශේෂී කාලෝචිත වැඩසටහනක් වන අතරම රටේ සෑම පුරවැසියෙකුටම තමාට හිමි ජීවිතයේ වඩාත් සුවෙන් සිටීමට අවශ්‍ය දැනුම, ආකල්ප හා චර්යාත්මක දිරිගැන්වීම ලබාදෙන වැඩසටහනක් බවයි.

    සෞඛ්‍ය අමාත්‍යංශය අග්‍රාමාත්‍ය කාර්යාලය සමග එක්ව දියත් කරන වැඩසටහනක් වශයෙන් මෙය හඳුන්වාදුන් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රමුඛත්වය ගනිමින් මාධ්‍ය ආයතනද හවුල් කරගිමින් සිදුකරන වැදගත් කර්තව්‍ය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයාටද ස්තුතිය පුද කළේය.

    මෙමගින් චර්යාත්මක හුරුපුරුදු, කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හඳුන්වාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඒ සඳහා සෞඛ්‍ය ආයතන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.

    මෙම වැඩසටහන පස් අවුරුදු සැලැස්මක් මෙන්ම සැමදෙනාගේම ඇඟට දැනෙන හිතට දැනෙන වැඩසටහනක් වශයෙන් දියත් කළ යුතු යැයිද වඩාත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන ආකාරය මෙමගින් දැනවත් කළ යුතු යැයිද අවධාරණය කළේය.

    මෙම අවස්ථාවට සම්බන්ධ වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් විය යුතු අතරම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ එකම බලාපොරොත්තුව වනුයේ මහජනතාව රෝගීන් ලෙස දැකීම නොව ඉතාමත් නිරෝගී සම්පන්න ජනතාවක් බිහිකිරීම බවයි.

    මෙම අවස්ථාවේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා විසින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ විශේෂ සෞඛ්‍ය පණිවිඩ සහ යූ ටියුබ් නාලිකාවේ ප්‍රවෘත්ති සාකච්ඡා ආදියෙහි සබැඳියන් කරා පහසුවෙන් ළඟා විය හැකි පරිදි නිමවූ විශේෂ QR කේත කාඩි පතක් හඳුන්වාදීමද සිදුකළේය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, සුවෙන් සිටිමු ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya