මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    '' ලෝක ආදිවාසී දින සැමරුම'' දඹාන - ඔවුන් නොමැති නම් මේ මිහිපිට මෙතරම් සොඳුරු වූ පාරාදීසයක් නොවනු ඇත

    අගෝස්තු 10, 2023

    ඉදිරි මාස කිහිපය තුළ දිවයිනේ අනෙකුත් ආදිවාසී ගම්මානවල ජීවත්වන ආදිවාසී ජනතාවට මතුව ඇති ගැටළු පිළිබඳව සොයා බැලීමට එම ගම්මානවලට පැමිණෙන බවත්, අපේ රටේ උරුමක්කාරයන් වූ ආදිවාසී ජනතාව තවදුරටත් කරුමක්කාරයන් නොවිය යුතු බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

    දඹාන, කොටබකිණිය ගම්මානයේ දී ඊයේ (09) ලෝක ආදිවාසී දින සැමරුම් දිනට සමගාමීව පැවැති සැමරුම් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    භාෂාවෙන් හෝ සිරිත් විරිත්වලින් වෙනස්කම් තිබුණත් මේ මහා සංස්කෘතිය තුළ අප සියලු දෙනාම එකම මිනිස් කොට්ඨාසයක් බවත්,මතු වී ඇති ප්‍රශ්න ගැටළු සඳහා විසඳුම් හොයන්න සියලු දෙනාම එක් වී වැඩ කළයුතු බවත්,අපේ උරුමයක් වූ ආදිවාසී ජනතාවගේ වටිනාකම ලෝකය වෙත ගෙන යන්න විශේෂ වැඩසටහනක් සකස් කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ,ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) නිශාන්ති ජයසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන, ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් නිහාල් ගුණරත්න, මහියංගනය ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ, සහකාර ප්‍රාදේශීය ලේකම් කාංචන සමරකෝන්, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී චන්දික රත්නායක, මහියංගණය සංස්කෘතික නිලධාරී ප්‍රසාදි ජීවප්‍රිය, දඹාන ග්‍රාම නිලධාරී සියුමාලි විජේකොන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ආදිවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya