මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්න - කෘෂි ඇමති

    අගෝස්තු 10, 2023

    මෙවර යල කන්නයේ දී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    ඒ අනුව මේ වනවිට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වගා හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇත.

    වගා හානි තක්සේරු කිරීමේ කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාගෙන් කරුණු විමසනු ලැබීය.

    යල කන්නයේ පවතින දැඩි නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා හානි සිදුවී ඇතත් දැනට සිදු කර තිබෙන තක්සේරු කිරීම් අනුව වැඩිම වගා හානිසිදුවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව සභාපතිවරයා එහිදී සඳහන් කළේය. මේ සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුළකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දීමට නියමිතය.

    කෙසේ වුවද මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමටරජයට සිදුවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද සඳහන් කළේ ය.

    වගාහානි වන්දි ගෙවීමේ දී පූර්ණ හානි, මධ්‍යම හානි සහ සුළු හානි වශයෙන් අංශ තුනක් යටතේ වන්දි ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණමණ්ඩලය කටයුතු කරයි. පසුගිය වසරේ වසරේ මෙම මණ්ඩලය වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700ක් පමණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya