මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ ජනතාව වෙනුවෙන් රජය සියලු යුතුකම් ඉටු කරනවා - වැවිලි කර්මාන්ත අමාත්‍ය

    අගෝස්තු 10, 2023

    වතුකරයේ ජනතාව වෙනුවෙන් රජයෙන් කළ යුතු සියලු යුතුකම් ඉටු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳව  සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ඇතැම් වතු සමාගම් වතු ජනතාවගේ ජීවන ඉහළ දැමීමට සහය වීමට මැළිකමක් දක්වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;

    වතු සමාගම් ලාභ ලැබුවත් පාඩුයි කියල තමයි ඔවුන් පෙන්වන්නේ. අපි මේ බව වැවිලි සමාගම්වලට කියා තිබෙනවා. මෙම වතු ජනතාවට ඔවුන්ගේ යුතුකම ඉෂ්ඨ කරන ලෙස අපි ඔවුන්ට කිහිප වතාවක් පෙන්වා දී තිබෙනවා. අවුරුදු 40කට කලින් බදු ගිවිසුම් මගින් ඔවුන්ට මේ වතු පවරා දී තිබෙනවා.

    ඔවුන් වතු ජනතාවගේ සාරය උරා බොනවා. වතු ජනතාව වෙනුවෙන් පහසුකම් සළසන් නැහැ. අධ්‍යාපන පහසුකම්, යටිතල පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සපයන් නැහැ. ඒව සියල්ලම කරන්නේ රජයන් විසින්. අනෙක් අතට රු1000ක දෛනික වැටුප ලබා දීමට එකග වූයෙත් නැහැ. ඒ වගේම, මෙම ඉඩම් වල ඔවුන්ගේ ආයෝජන ඉතාමත් අඩුයි. නමුත් ඒ සම්බන්ධයෙන් උසාවි යන්න විදියක් නැහැ.

    තේවල නිෂ්පාදන දායකත්වය ද අඩු වෙනවා. අනිත් පැත්තෙන් නව වගා සිදු වන්නේ නැහැ. වතුවල ජීවත් වන මෙම ජනතාව සැමදාම වතුවලට පමණක් සීමා කර තබන්න බැහැ. අපි වතු ටික ආරක්ෂා කරගෙන, රටේ වැවිලි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමත් අවශ්‍යයි.

    වතු ජනතාවගෙන් පාසල් ගිහින් තියෙන්නේ 52%යි. මාතෘ මරණ, ලදරු මරණ, පෝෂණ මට්ටම පහළයි. වැවිලි සමාගම් බදු මුදලක් ගෙවනවා. නමුත් එය සාධාරණ නැහැ. ලංකාවේ ඉන්න ධනවතුන් තමයි මෙම වතු සමාගම් පාලනය කරන්නේ. ඔවුන්ට මේ සම්බන්ධයෙන් සමාජ වගකීමක් තිබෙනවා''යැයි ද අමාත්‍යවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya