මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුකුල් මස් සහ බිත්තර මිල පිළිබඳ අවධානය යොමු කරමින්, පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

    අගෝස්තු 10, 2023

    කුකුල් මස් සහ බිත්තර මිල පිළිබඳ අවධානය යොමු කරමින් , පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ ඉදිරි වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අමාත්‍යංශ නිවේදන යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,

    දිනකට මෙරට පරිභෝජනය සඳහා බිත්තර ගෙඩි ලක්ෂ 85ක් අවශ්‍ය වුවත් නිෂ්පාදනය කරන්නේ බිත්තර ගෙඩි ලක්ෂ 55ක් පමණයි. ඒ අනුව මෙරට පරිභෝජනය සඳහා දිනකට බිත්තර ලක්ෂ 35ක හිගයක් ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. එම හිගය පියවීම සඳහා එයින් 1/3ක් , එනම් දිනකට බිත්තර ලක්ෂ 10ක් ගෙන්වීමට අවසර ලබා දෙමින්, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

    කුකුල් මස් සහ මාළු මිල ඉහළ යාම මෙසේ බිත්තර ඉල්ලුම ඉහළ යාමට හේතූ වී තිබේ. දේශීය නිෂ්පාදකයින්ට තවත් බිත්තර නිෂ්පාදනය ඉහළ දැමිය හැකි නම් රටට අවශ්‍ය බිත්තර රට තුළම නිෂ්පාදනය කර ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    ඒ සඳහා සත්ව නිෂ්පාදකයින් අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා කී්‍ය.සත්ව නිෂ්පාදකයින් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් නිෂ්පාදනය වැඩිකිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බවද කීය. කුකුල් මස් මිල අවම වශයෙන් රු 150කින් වත් අඩු කිරීමට උපදෙස් ලබා දුන් බවද කිය.

    මෙහිදී අදහස් දැක් වූ වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ,
    මෙරට වෙළෙඳ පොළ තුළ නිෂ්පාදනයේ තරගකාරිත්වයක් ලබා දීම අත්‍යාවශ්‍යයි.සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට දිරිමත් කර නිෂ්පාදනය වැඩි කිරීම හරහා පමණයි මීට විසඳුම් ලැබෙන්නේ. පාරිභෝගිකයාට යම් සහණයක් ලබා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳ හඳුන්වා දීම සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදකයින්ට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya