මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගල්ගමුවේ සිටින ''චණ්ඩි'' නැමැති ඇස් නොපෙනෙන ඇතා මාදුරු ඔයට රැගෙන යෑමට බලාපොරොත්තු වෙනවා

    අගෝස්තු 10, 2023

    එක් දළක් පමණක් තිබෙන ''චණ්ඩි'' නමින් හැදින්වෙන ඇස් නොපෙනෙන ඇතාගේ ආරක්ෂාව ගැන සළකා ඇතා මාදුරු ඔයට රැගෙන යෑමට බලාපොරොත්තු වන බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය අද (10) පාර්ලිමේන්තුවේ දී  මේ බව පැවසීය.

    එහිදී පිළිතුරු දුන් අමාත්‍යවරිය;

    ''අග්බෝ'' ඇතා සම්බන්ධයෙන් සියලු ප්‍රතිකාර කරනවා.''චන්ඩි'' කියන තනි දළ ඇතාට ඇස් පෙන්නේ නෑ. ගල්ගමුව ප්‍රදේශයේ මිනිසුන්ට දේපළවලට හානි කරනවා. ඈතා කීප සැරයක් අලි රැදවුම් මධ්‍යස්ථානවලට දැම්මා. එහෙත් ගල්ගමුවට එනවා. මේ ඇතාට ''චණ්ඩි'' කියලා කියනවා.මාදුරු ඔය රක්ෂිතයට ගෙනියන්න බලාපොරොත්තුවක් තිබෙනවා.ඇතාගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. මිනිසුන්ට හානි වෙනකොට,මේ රටේ හැම මිනිහෙක් පිළිබඳව වගකීමක් ගන්න බෑ ඒ අයගේ ක්‍රියා කලාප පිළිබඳව. අපි උතසහ කරන්නේ ඇතා මාඳුරු ඔයට ගෙනියන්නයි, සතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. සංවිධාන ගණනාවක් සාකච්ඡා කලා. දැනට නැවතී තිබෙනවා. දැනට ඇතා ගල්ගමුව ප්‍රදේශයේ ඉන්නවා.ඇතාගේ සම්බන්ධයෙන් සිතා තමයි ඇතා ගෙනියන්න හදන්නේ යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya