මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රටට පාඩු සිදු වන කිසිදු දෙයක් කරන්නේ නෑ - විදේශ කටයුතු අමාත්‍ය

    අගෝස්තු 10, 2023

    ''අපේ රටට පාඩු සිදු වන කිසිදු දෙයක් කරන්නේ නෑ.අපේ විදේශ ප්‍රතිපත්තිය'' ශ්‍රී ලංකා ෆස්ට් ''යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    ඉන්දියාව සමඟ සාකච්ඡා කළ සහ අත්සන් කළ සියලු ගිවිසුම්, පාරදෘශ්‍යභාවයකින් යුතුව සහ දෙරටේ සම්බන්ධතා වැඩි දියුණු කරගැනීමට සිදු කළ දේවල්. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පුළුවන්. මේ වනවිට ඉන්දියාව ලොව පස්වැනි විශාලතම ආර්ථික බලවතා බවට පත් වී තිබෙනවා. 2030 වන විට තුන්වල විශාලතම ආර්ථික බලවතා වන බවට සියලු දෙනා පිළිගෙන තිබෙනවා. 2050 වනවිට ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත් වෙන බවට කියවෙනවා. ශ්‍රී ලංකාවට විශේෂ අවශ්‍යතා රාශියක් තිබෙනවා. අභියෝග කළමනාකරණය කරගෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන, ඉතිහාසයේ සිරකරුවන් නොවී අලුත් විදියට අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන අපේ රට දියුණු කරන්න.අපේ රටට පාඩුවක් වෙන කිසිදු දෙයක් කරන්නේ නෑ. අපි ඇස් වහගෙන මේ දේවල් කරන්නේ නෑ. අපිට තිබෙන්නේ අපේ රටේ අවශ්‍යතාවයයි. අපේ විදේශ ප්‍රතිපත්තිය '' ශ්‍රී ලංකා ෆස්ට්'' යැයි අමාත්‍යවරයා පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya