මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " පවතින සියලු අභියෝග ජය ගනිමින් වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම අපගේ බලාපොරොත්තුවයි. "

    අගෝස්තු 10, 2023

    වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය හා සමගාමීව කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකරනු ලබන සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානය එහි පියස්ස දක්වා ඉදිකිරීම් අවසන් කිරීමෙන් අනතුරුව චීන සම්ප්‍රදානුකූලව පවත්වන සමරු උත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    කි. මී.5.3 ක දිගින් යුතු වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය ඉදි කිරීමේදී ඊට පහසුකම් සැපයීම උදෙසා ඉවත් වීමට සිදු වන වරාය පරිශ්‍රයේ ඉදිකිරීම් වෙනුවට මහල් 17කින් සමන්විත මෙම නව ගොඩනැගිලි සංකීර්ණය චීන සිවිල් ඉදි කිරීම් ඉංජිනේරු සමාගම (CCECC) විසින් ඉදිකර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 5ක්‌.

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
    "වරාය පිවිසුම් ගුවන් මාර්ගය වර්තමානය තුළ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන අතිශය වැදගත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්. ඒ තුළින් කොළඹ නගරය, වරාය නගරය, අධිවේගී මාර්ග ජාලය හා සම්බන්ධ කරනු ලබනවා. එය වරාය සහ ගුවන් තොටුපළ සම්බන්ධ කරමින් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ කටයුතුවලට ද ඉහළ වටිනාකමක් එකතු කරනවා. වසර තුනක ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම මෙම ව්‍යාපෘතිය ලොවපුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුද තත්ත්වය තුළ පවා මේ වන ඉදිකිරීම් වලින් 71% ප්‍රමාණයක් අවසන් කොට තිබෙනවා. ඒ පිළිබඳව මීට සම්බන්ධ සියලූ පාර්ශවයන් අතිශය සතුටට පත්වනු ඇතිබව මට විශ්වාසයි.එළඹෙන වසරේ අගෝස්තු මාසය වන විට එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. අභියෝග රාශියක් මධ්‍යයේ වුවත් මෙම වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් ඉවත් කිරීමට සිදුවූ වරාය පරිශ්‍රයේ ඉදිකිරීම් වෙනුවට මෙම අති නවීන පහසුකම් සහිත, මහල් 17කින් සමන්විත සමුද්‍රීය පහසුකම් මධ්‍යස්ථානය පියස්ස දක්වා ඉදිකිරීම් අවසන් කිරීම පිළිබඳව ඊට දායක වූ සියලු පාර්ශවයන් වෙත මගේ ගෞරවය පිරිනමනවා. ඉංජිනේරු ඇස්තමේන්තුවටත් වඩා අවම පිරිවැයකින් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් කිරීමට ඉදිකිරීම් භාර සමාගම කටයුතු කර තිබෙනවා.
    මේ වන විට මතුව තිබෙන ඩොලරයේ අගය ඉහළ යෑමත් සමග ඉතිරි ඉදිකිරීම් සඳහා ආනයන කලයුතු විශේෂ ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා දැරීමට සිදුවන පිරිවැය පිළිබඳව ඉදිකිරීම් භාරව කටයුතු කරන සමාගමේ ඉල්ලීම පරිදි අප කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර තිබෙනවා. ඒ පිළිබඳවද කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අප බලාපොරොත්තු වනවා. කෙසේ නමුත් මේ සියලු අභියෝග ජය ගනිමින් එළඹෙන වසර වන විට මෙහි සියලු ඉදිකිරීම් අවසන් වනු දැකීම අප සියලු දෙනාගේම බලාපොරොත්තුවයි."

    වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුලු නිලධාරින්, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂතුමා ඇතුලු කාර්ය මණ්ඩලය, චීන සිවිල් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ දේශීය හා විදේශීය කාර්ය මණ්ඩලය මෙම වැඩසටහනට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya