මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම අධිවේගී මාර්ගයක් විකුණන්නේ නෑ- කිසිදු සේවකයකුගේ රැකියා අහිමි කරන්නේ නෑ- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    අගෝස්තු 09, 2023

    ''කිසිම වෙලාවක අධිවේගී මාර්ගයක් විකුණන්නේ නෑ. කිසිදු සේවකයකුගේ රැකියා අහිමි කරන්නේ නෑ'' යැයි ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අධිවේගී මාර්ගවල සේවය කරන සේවකයින්ගේ සේවය නැතිවේ යැයි බියකින් පසුවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, ''කොළ කෑල්ලක් ගහගෙන වැඩකට ලැස්ති වෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. එය සත්‍යයක් නොවේ. කිසිවෙලාවක අධිවේගී මාර්ගයක් විකුණන්නේ නෑ. අධිවේගී මාර්ගයක් කිසිදු පුද්ගලික සමාගමකට පවරා දී නෑ. කිසිම සේවකයෙක් ඉවත් කරන්නේ නෑ. අධිවේගී මාර්ග සංවර්ධනය කර දියුණු කර ව්‍යාප්ත කිරීම සඳහා නාස්තිය,අපතේ යාම වැළැක්වීම සඳහා අලුත් කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු  යොදා තිබෙනවා. සියයට සියයක් භාණ්ඩාගාරය සතු සමාගමක් වෙත ගැසට් නිවේදනයකින් පවරා ගන්නවා. මෙම මාර්ග ආණ්ඩුවේ වත්කම් ලෙස පෙන්වීම සඳහා තමයි,ගැසට් පත්‍රයකින් අධිවේගී මාර්ග ආණ්ඩුවේ ශේෂ පත්‍රයට අරන් තියෙන්නේ. කිසිදු සේවකයකුගේ රැකියා අහිමි කරන්නේ නෑ ''යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ;

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500ක් බෙදා දී තිබෙනවා.කොන්දොස්තරවරු හා රියදුරන් බඳවා ගෙන යනවා. විදුලි බස් රථ සඳහා අලුත් ව්‍යාපෘතියක් සඳහා, බස් රථ ආනයනය කරන්න වැඩපිළිවෙලක් තිබෙනවා. පෞද්ගලික බස් රථ හා ලංගම බස් රථ අතර ගැටුම තිබෙනවා. අත් අඩංගුවට ගැනීමට පොලීසියට කියා තිබෙනවා. පුද්ගලික බස් රථ රියදුරන් ඒළව එළවා පහර දෙනවා නම්, මම ගමනගමන කොමිෂමට උපදෙස් දී තිබෙනවා, ගමන් බලපත්‍ර අහෝසි කරන්න කටයුතු කරන්න කියලා'' යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya