මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක සහතිකය තබයි

    අගෝස්තු 08, 2023

    පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (08) සටහන් කළේය.

    මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි මස 19 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා විසින් 2023 අප්‍රේල් 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 21 සහ ජූලි 6 යන දෙදින  පැවැත්විණි.

    මේ අනුව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ලෙස මෙම පනත් කෙටුම්පත අද (08) සිට බලාත්මක වේ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා මහතා ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya