මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කෙරේ - යෝජනාවට කැබිනට් අනුමැතිය

    අගෝස්තු 08, 2023

    පසුගිය වසර 05 ක කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් සඳහා ගෙවනු ලැබ ඇති වාර්ෂික පොළී ප්‍රතිලාභ සැළකිල්ලට ගෙන ඉදිරි වසර 04 ක කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොළී අනුපාතය අවම වශයෙන් 9% ක් විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කෙරෙන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ සඳහා මුදල් අමත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව සඳහන් කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අද (08) රජයේ ප්‍රවෘත්ති
    දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.


    දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයින්ගේ විශ්‍රාම ගෙවීම් සහ ප්‍රතිලාභ වලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාවය රජය විසින් හඳුනාගෙන තිබේ.

    එමෙන්ම, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ ආණ්ඩුව විසින් අර්ථසාධක අරමුදල ගසා කන බවට පසුගිය කාලයේ දී විශාල දේශපාලනාත්මක මතවාදයක් පැන නැඟුනු බවත්, මෙම පනත සංශෝධනය කිරීමෙන් පසු අර්ථසාධක අරමුදල් මංකොල්ලකෑම්, ප්‍රතිලාභ අඩු කළා යැයි කිසිවෙකුට තවදුරටත් චෝදනා කළ නොහැකි බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ අනුව, කවර ආණ්ඩුවක් ඉදිරි වසර 04 තුළ රට පාලනය කළ ද මෙම පනතේ විධි විධාන ප්‍රකාරව එකී සාමාජිකයින්ට ලැබිය යුතු ප්‍රතිලාභ 9% ක නිසි ප්‍රතිශතයක් යටතේ ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya