මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා එක්වන ලෙස ඉන්දීය ආයොජකයින්ට හා ව්‍යවසායකයින්ට ආරාධනා!

    අගෝස්තු 08, 2023

    ශ්‍රී ලංකාවේ නිරත වූ ව්‍යාපාරික සංචාරයක අතර ඉන්දියාවේ ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (Federation of Jharkhand Chamber of Commerce and Industries (FJCCI) නියෝජිත පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී පැවති මෙම සාකච්ඡායේදී ශ්‍රී ලංකාව සහ ජාර්කන්ද් අතර පවතින වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ විශේෂ අවධානය යොමු විය.‍

    අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නව ආයෝජන සංකල්පයන් පිළබඳව ඉන්දීය නියෝජිතයින් දැනුවත් කරන ලදි. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජන අවස්ථාවන් සඳහා මේ වන විට අවස්ථාව උදා කර දී තිබෙන බවත් ඒ සඳහා එක්වන ලෙස ඉන්දීය ආයෝජකයින්ට හා ව්‍යවසායකයින්ට ආරාධනා කළේය.
    එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය සහ අනෙකුත් ආයතන ඩිජිටල්කරණය සහ විද්‍යුත්කරණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිලිවෙල සඳහා ද ඉන්දීයාව තුල ක්‍රියාත්මක කෙරෙන පරිසර හිතකාමී ආයෝජන සංකල්පයන්හි අත්දැකීම් හුවමාරු කර ගැනීම පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

    ජාර්කන්ද් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති කිෂොර් මන්ත්‍රී මහතා ඇතුලු එහි ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන ව්‍යවසායකයින් ඇතුලු නියෝජිතයින් 25ක පමණ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya