ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන 2023 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ;
2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ පනතේ නියමයන් ඒ ආකාරයෙන් ඉෂ්ඨ කළා නම්, මෙවැනි ආර්ථික අර්බුදයක් රටතුළ ඇති නොවන බවයි.අයවැය හිගය සහ ජංගම ගිණුමේ හිගය නිසා රටතුළ මෙම ආර්ථික අර්බුදය තිබෙන බවත් ඒ සඳහා රජයේ ආදායම වැඩි කර ගත යුතු බවත් පෙන්වා දුන්නේය.