මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණට අඛණ්ඩව විදුලිය සැපයීමට සෑම උත්සාහයක්ම දරනවා - කැබිනට් ප්‍රකාශක

    අගෝස්තු 08, 2023

    දකුණට අඛණ්ඩව විදුලිය සැපයීමට ආණ්ඩුවට දැරිය හැකි සියලුම උත්සාහයන් දරන බවද එමෙන්ම විදුලිය කැපීමකින් තොරව ජලය නිකුත් කිරීම සිදුකරන බව ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජලය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් විශාල වේලාවක් ගතවුණු බව කියාසිටි අමාත්‍යවරයා අයහපත් කාළගුණික දේශගුණික තත්ත්වයක් පවතින විට දේශපාලන වශයෙන් කිසිම ආණ්ඩුවකට මෙම පවතින තත්ත්වය එනම් ස්වභාවික විපත් පාලනය කිරීමේ හැකියාව ලොව කිසිදු ආණ්ඩුවකට නොමැති බවද පැවසුවේය.

    මීට පෙරද විශාල නියඟ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූ බවද එවැනි විටක විපතට පත් ජනතාවට විවිධ මාධ්‍ය ආයතනද එක්වෙමින් ආධාර බෙදා දුන් බවද වැසිපිරිත් ආදිය සජ්ඣායනා කළ බවද සිහිපත් කළ අමාත්‍යවරයා සමනළ වැව ඇතුළු අනෙක් ජල මූලාශ්‍ර වලින් විදුලිය සපයා ගැනීමත් කෘෂිකර්මයට මුදාහැරීමත් කරන විට විශාල වශයෙන් නියඟය හේතුවෙන් සෑම ජලාශයකම ජල මට්ටම පහත බැසගෙන එනවිට කුඹුරු වලට ජලය දෙනවාද විදුලියට දෙනවාද යන තේරීම් දෙකෙන් එකක් සෑම විටම අත්හැරීමට සිදුවන බවද සඳහන් කළේය.

    මෙවැනි විටෙක රජය හිතුවක්කාර තීන්දු තීරණ නොගන්නා බවද අදාල බලධාරීන්ගෙන් සෑම විටම විමසා රජය ක්‍රියා කරන බවද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ වන විට සියලුම බලධාරීන් සමග සාකච්ඡා අවසන් කර බලශක්ති අමාත්‍යතුමා විකල්ප ක්‍රියාමාර්ග 04ක් රටට ඉදිරිපත්කළ බවද පැවසුවේය.

    විදුලිය මෙන්ම ගොවීන්ට ජලයද අත්‍යවශ්‍ය බව කියා සිටි අමාත්‍යවරයා එම දෙකම ලබාදීමට වැසි නොමැතිවීම හේතුවෙන් වහින්නේ නැතිනම් අතිරේකව විකල්ප ක්‍රියාමාර්ග වලට යාමට සිදුවන බව අවධාරණය කළේය.

    09 වෙනිදා ඇතිවුණ සිදුධියම නියඟයත් විදුලිය සහ ජලය පදනම් කරගෙන ඇති කිරීම සඳහා යම් යම් අරගලයේ සිටි පාර්ශවයන් සහ විපක්ෂයට සම්බන්ධ විවිධ පාර්ශවයන් විසින් සැලසුම් සහගත උත්සාහයක් දරාඇති බවට ජාතික බුද්ධි අංශයට වාර්තාවක් ලැබී ඇති බව ඊයේ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවද කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

    මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතිවරයාගේ පුද්ගලික නිවහන වටකිරීමට සූදානම් කිරීම සහ බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ නිවස වටකිරීමේ සැලැස්ම හේතුවෙන් එම නිවසට විශේෂ ආරක්ෂාවක් සැපයීමට වීම සම්බන්ධයෙන්ද ගොවි උද්ඝෝෂකයන් කොළඹට ගෙන්වා කැරැල්ලක් ඇතිකිරීමට තිබූ සූදානම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.

    තවදුරටත් රජයකට කළ නොහැකි ස්වභාවිකව ඇතිවන නියඟ තත්ත්වයන් තුළ ජනතාව උසිගන්වා පාරට ගෙන ඒමට මාධ්‍ය ආයතන ක්‍රියා කරනවා නම් තමා මාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා වශයෙනුත් කණගාටුවට පත්වෙන බවද, මේ දෙස තර්කානුකූලව බලන ලෙස සියලුම මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya