මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සොරකම් නැවැත්වීමේ එකම ක්‍රමය වන්නේ ඩිජිටල්කරණයයි - ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    අගෝස්තු 08, 2023

    රාජ්‍ය අංශයේ සියලුම ආයතන වල සොරකම්, අක්‍රමිකතා, දූෂණ, වංචා නැවැත්වීමේ එකම ක්‍රමය වන්නේ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම බව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් රාත්‍රී කාලයේ ගමන් කිරීමට මඟීන්ට බස්රථ නොමැති බවට මඟීන් විසින් කරනු ලබන චෝදනා පිළිබඳව නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ග්‍රාමීය ප්‍රදේශ වල බස්රථ 500ක් ධාවනයට එක්කර තිබෙන අතර ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙමින් තිබෙන බස්රථ 400 අතුරින් බස් රථ 175 ක් මේ වන විට ධාවනයට යොදවා තිබේ.

    නමුත් මේ සියලු කටයුතු සිදු කළ හැකි වන්නේ මඟී ටිකට්පත් වලින් ලංගම ට අදායමක් ලැබුණොත් බවත්, ඇතැමුන් විසින් සිදුකරන අක්‍රමිකතාවයන් නිසා එසේ ලංගමට ලැබෙන අදායම නිසියාකාරව නොලැබී යමින් තිබෙන බව මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කළේය.

    මෙය වැළක්වීමට අධිවේගී මාර්ගයේ කොන්දොස්තරවරුන් නොමැතිව ප්‍රවේශපත්‍ර සහිතව ගමන් වාර කිහිපයක් මාතර, ගාල්ල සහ මාකුඹුර අතර ධාවනයට එක්කල ඉන් දවසක ආදායම ලක්‍ෂ 5-6ක් පමණ වූ අතර ඉන් ලැබූ අදායම ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට හේතු සොයා බලද්දී එක් ගමන්වාරයක මුදල් නොලැබීමත්, ඇතැම් ගමන් වාර වලට මඟීන්ට හොර ටිකට්පත් නිකුත් කිරීමත් මඟින් රජයට එම ගමන් වාර වල මුදල් නොලැබීමත් සිදු වන බව අනාවරණය වී තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    රාජ්‍ය අරමුදල් අවභාවිතය කිරීම සහ සොරකම් සම්බන්ධව හොර ටිකට්පත් මුද්‍රණය කර මඟීන් ප්‍රවාහනය කිරීම සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය මඟින්අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් හෙතෙම පැවසීය.

    ඒ අනුව, රාජ්‍ය අංශයේ සොරකම් දූෂණ අක්‍රමිකතාවයන් සිදු කිරීම වැළක්වීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ රාජ්‍ය අංශ සතු සියලුම ආයතන ඩිජිටල්කරණය කිරීමත් බවත්, ලොව අනිකුත් රටවල් මෙන් මඟීන්ට ඊ-ටිකට්පත් නිකුත් කිරීමත් මඟින් ඉතාම හොඳ බස්රථ සේවාවක් ජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya