මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගාවට ජලය නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දි පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි - කෘෂිකර්ම ඇමති

    අගෝස්තු 08, 2023

    වගාවට සිදු වූ හානිය වන්දි ලබා දී පිරිමැසිය හැකි පාඩුවක් නෙවෙයි

    වගාවන්ට ජලය නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදි පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු ''යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    උඩවලව ජලාශයෙන් පෝෂණය වන කුඹුරුවලට ජලය ලබාදීම සඳහා සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

    බණ්ඩි ගොයම් පීදෙන අවස්ථාවේදී ගොවීන්ට සිදු වූ මෙම අලාභය වන්දි දීමෙන් පියවන්නේ නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

    එහෙත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර මේ සඳහා වන්දි මුදලක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද හෙතෙම කීය. නැවත මෙවන් තත්වයක් ඇති නොවීම සඳහා සිියළු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

    ඉදිරියේ දී මෙම කුඹුරු වලින් නිසි අස්වැන්නක් ලැබේද යන්න ගැටලුවක් බවත් වී පමණක් නෙමෙයි කෙසෙල්,එළවළු සඳහාද මෙම පාඩුව සිදු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මම සතුටු වෙනවා ඊයේ දිනයේ දී හරි ජලය නිදහස් කර ගැනීමට හැකිවීම ගැන. මෙහි වගකීම අපි හැමෝටම තිබෙනවා. ගොවීන්ට සිදු වූ හානියට වන්දි මුදලක් ලබා දී පිරිමැසිය නොහැකියි. ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව,කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය එක්ව පොදු ජල ප්‍රතිපත්තියක් සකස් කර ගත යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya