මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''කෘතිම බුදුධිය'' හෙවත් AI විෂයය ඉදිරි මාස 06 දී පාසල්වලට හඳුන්වා දෙනවා- අධ්‍යාපන අමාත්‍ය

    අගෝස්තු 08, 2023

    කෘතිම බුදුධිය හෙවත් AI විෂයය ඉදිරි මාස 06 දී පාසල්වලට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අධ්‍යාපනය ඩිජිටල් කරණය කිරීමේ ප්‍රතිපත්තිය නුදුරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.කෘතිම බුද්ධිය විෂය සඳහා පාසල් ගුරුවරු පුහුණු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ අදහස් වෙමින් තිබෙන බවත් ඉදිරි මාස කිහිපයේදි කෘතිම බුද්ධිය විෂයය පාසල් වලට හඳුන්වා දෙන බවයි.

    මේ සඳහා ගුරුවරු පුහුණු කිරීම සහ පාසල් වලට ෆයිබර් ඔප්ටික් පහසුකම් ලබා දීම වැනි වැඩසටහන් ඉදිරියේදී සිදු කරනවා. මහින්දෝදය විද්‍යාගාර මේ වන විසි දහසක් තිබෙනවා. මෙම පරිගණකවල දෝෂ ඇති වෙලා. පරිගණක විද්‍යාගාර අක්‍රිය වෙලා. ඉදිරි කෙටි කාලය තුළ මේවා සක්‍රිය කරනවා. ඉදිරි මාස 6 තුළ AI විෂය පාසල් වලට හඳුන්වා දෙනවා.

    යුනෙස්කෝ සංවිධානය පසුගිය වසරේ පැවැත් වූ ජාත්‍යන්තර සමුළුවේ දී සාකච්ඡා වූ ප්‍රධාන කරුණ තමයි ඩිජිටල් අධ්‍යාපනය කියන එක. ඊට අනුගත වෙමින් 2030 දී මෙම ඉලක්ක අප සපුරාගත යුතයි.ඒ අනුව මයික්‍රාෙසාෆ්ට් ආයතනය සමග සාකච්ඡා කර සාමාන්‍ය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව අංශ සඳහා ඩිජිටල් අධ්‍යාපනය හඳුන්වා දීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya