මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවේ- ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව ගරුකරනවා- අගමැති

    අගෝස්තු 08, 2023

    ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිට ම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී (08 දින ) ප්‍රකාශ කළේය.

    ජ්‍යෙෂ්ඨයන් ලෙස පෞද්ගලික මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පැවැසූ අග්‍රාමාත්‍යවරයා, එසේවුවත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බවද සඳහන් කළේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසුවේ, ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන පරිදි, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානම්ද යනුවෙනි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

    "ආණ්ඩුව කිසිම වෙලාවක මේ පනතේ මූලාරම්භකයෙක් නෙවෙයි. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවට ආණ්ඩුව හැමතිස්සෙම ගරු කරනවා. කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් ඉදිරිපත් කළ හැකියි. මේ කොයි ආණ්ඩුව කාලයේත් ඒ කාලයේත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් දන්නවා, අපේ අත්තනායක ඇමතිතුමා ඉදිරිපත් කරලා වෙච්චි දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඉතින් ඒ නිසා අපි වගකීමෙන්, ජ්‍යෙෂ්ඨයන් හැටියට පුද්ගලික මන්ත්‍රීවරුන්ට ඉඩ දී, ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳ හැසිරෙන්න පුළුවන්. නමුත් ඔවුනට ඕන ඕන දේ කරන්න බෑ."

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya