මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබා දෙමින්,අඛණ්ඩ විදුලිය සැපයීමට රජය කටයුතු කරනවා - බලශක්ති ඇමති

    අගෝස්තු 08, 2023

    රටේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය සහ විදුලිය අඛණ්ඩව ලබා දෙන බවත් ,රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ගතයුතු ඕනෑම තීන්දුවක් නොපැකිළිව ගැනීමට නොබියව රජය කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම අද උදෑසන සිට ආරම්භ වූ බවත් උපරිම ධාරිතාවයෙන් එම ජලය මුදා හරින බවද හෙතෙම පැවසීය.

    කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. මේ හේතුවෙන් සමනළ වැව ජලාශයෙන් විදුලිය නිපදවීම අගෝස්තු 15 සිට නතර වීමට ඉඩ ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් අඛණ්ඩව විදුලිය සැපයිම වෙනුවෙන් රජය අවශ්‍ය කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    සමනළ වැව ජලාශයෙන් වතුර නිකුත් කළේ නැහැ කියන එක අසත්‍යයක්. ජූනි මාසයේත් වතුර නිකුත් කළා. නමුත් නියගයත් එක්ක එම නිකුත් කළ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ.ගොවිතැනට ජලය ලබා දෙමින් අඛණ්ඩව විදුලි බලය ලබා දීමට තමයි කැබිනට් මණ්ඩලය තීරණය කළේ. සමනළවැව ජලාශයේ ජලය එකතු කරන්නේ විදුලි උත්පාදනය සඳහා පමණයි.නමුත් සමනළ වැව ජලාශයෙන් වලව කළාපයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

    වාරිමාර්ග අමාත්‍යංශයෙන් ජුනි මාසේ 30 වනදා සමනළ වැවෙන් ජලය නිකුත් කිරීමට ඉල්ලීමක් ලැබෙනවා.

    ජුලි මාසයේ නැවත එම ජල ප්‍රමාණය වැඩි කිරීමට ඉල්ලීමක් සිදු කෙරෙනවා. නමුත් වැරදි මතයක් ප්‍රචාරය කරනවා මෙම ජලය කළින් නිකුත් කළා නම් මෙම ගැටලුව ඇති වන්නේ නැහැ කියලා.

    මේ අනුව කැබිනට් මණ්ඩලය තිරණයක් ගෙන තිබෙනවා අවශ්‍යතාවය අනුව ජලය නිදහස් කරන්න.එම නිසා අපි යෝජනා කළා අද සිට දින හතක් ජලය නිකුත් කරන්න. ඒ අනුව අද උදෑසන 3.00 සිට උපරිම ධාරිතාවෙන් ජලය නිකුත් වෙනවා.

    නමුත් එසේ කළහොත් එළඹෙන 16 වෙනිදායින් පසුව සම්පූර්ණයෙන් විදලි නිෂ්පාදනය ඇණ හිටිනවා. එවිට විදුලි බල මණ්ඩලයට වෙනත් විකල්පයකට යන්න සිදු වෙනවා. හදිසි මිලදී ගැනීම් සිදු නොකළොත් පැය 3ක විදුලි කප්පාදුවකට යෑමට සිදු වෙනවා. එම නිසා හදිසි විදුලිය මිලදී ගැනීම් කිරීමට සිදු වෙනවා. නමුත් ජනතාවට අඛණ්ඩව විදුලිය ලබා දීමට රජය කටයුතු කරනවා.

    වාරිමාර්ග අමාත්‍යංශයත් සතියකට කළින් වතුර ඉල්ලුවට වතුර දෙන්න බැහැ. එම නිසා මීට පසු මේ සඳහා ක්‍රමානුකූල ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ඉල්ලා සිටිනවා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya