මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උඩවලව ජලාශයේ ජලමට්ටම අඩු වෙයි

    අගෝස්තු 06, 2023

    වසර විස්සකට පමණ පසුව උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා උඩවලව ජලාශයෙන් තවදුරටත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා සදහන් කරයි.

    රත්නපුර , මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනටම පානීය ජලය සහ කෘකෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාදෙන ප්‍රධාන ජල මූලාශ්‍රය වනුයේ උඩවලව ජලාශයයි.උඩවලව ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 217, 440 කි. වගාබිම් හෙක්ටයාර් 25,300 ක් පමණ පෝෂණය කරමින් ගොවි පවුල් 36,600කට පමණ මින් සෙත සැලසේ. මේ වනවිට ජලාශයේ වාන් දොරටු ආශ්‍රිත ප්‍රදේශයන්හී ජලය සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇත.

    උඩවලව ජලාශයේ ජලමට්ටම (අගොස්තු 05) වන විට 1% පමණ දක්වා අඩුවි ඇති අතර ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද මේ වන විට දරුණු ජල ගැටලුවකට මුහුණ දී ඇත.

     

    DMU/Rathnapura

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya