ඒ් මහතා මේ බව සඳහන් කළේ, සීතාවක අවිස්වේල්ල සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳව (01 දින ) සීතාවක උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සති අන්තයේ පවුලේ අය සමඟ බිය සැක නොමැතිව නිදහස් සති අන්තයක් ගත කිරීමට අවශ්‍ය සහන ජැකේජයක් සංචාරකයින්ට හඳුන්වා දිය යුතු බවයි.
මේ සඳහා නවාතැන් පහසුකම් ඇති කිරීම සඳහා හෝටල් ක්ෂේත්රය ද ප්‍රවර්ධනය විය යුතු බවට අදහස් දැක්වූ අමාත්‍යවරයා හෝම් ස්ටේ ( Home Stay) වැනි වැඩපිළිවෙළවල ද ක්‍රියාත්මක කළ හැකි බව පැවසීය.
මෙම වැඩපිළිවෙළ හරහා බොහෝ දෙනෙක්ගේ ජීවන තත්ත්වය ද නඟා සිටුවීමට කටයුතු කළ හැකි ආකාරය ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ තවත් පියවරක් ලෙස මෙම මස 05 වන සෙනසුරාදා තවත් නව දුම්රියක් කොළඹ කොටුවේ සිට අවිස්සාවෙිල්ල හා වග දක්වා ධාවනයට යොදවා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
සති අන්තයට විවේකය ගත කිරීමට පැමිණෙන්නන්ට බිය සැක නොමැතිව නිදහසේ කාලය ගත කිරීම සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පොලිසියෙන් ද විශේෂ ඉල්ලීමක් කළේය.