මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ රතු ලුණු වගා කරන ගොවීන්ගේ ගැටළු ධීවර ඇමතිගේ අවධානයට

    අගෝස්තු 02, 2023

    . යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල රතුලුණු වගා කරන ගොවීන් මුහුණපා තිබෙන ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා පසුගියදා (27) යාපනය කණ්ඩාවලයි ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදි ගොවි සංවිධාන නියොජිතයන් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් පැවැත්විණි

    මෙම හමුවේදි ගොවින් පෙන්වා දුන්නේ, කෘමි හානියක් හේතුවෙන් තම ගොවි සංවධානවල සාමාජිකයන්ගේ රතුලුණු වගාව මුළු මනින්ම විනාශ වී ඇති බව සහ මේ තත්වය තුළ ගොවින් මහත් ආර්ථීක අපහසුතාවයන්ට ලක්ව ඇති බවයි. මේ පිළිබද කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුවත් කර ගොවින්ට සහන සැලසිමට පියවර ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටියහ.

    මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා පවසා සිටියේ යාපනයේ රතුලුණු වගාවට වැළඳී ඇති කෘමි හානිය පිළිබඳ දැනටමත් කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුවත් වී ඒ පිළිබඳ අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවත් ඉදිරියේදි වගාව මුළු මනින්ම විනාශ වු ගොවින් සදහා යම් සහනයක් ලබාදිමට ඇති හැකියාව පිලිබදව සොයා බලන අතර මේ වැනි අවස්ථවන් වල සමස්ත ගොවින් නියෝජනය කිරිම සදහා ගොවි සංවිධාන ගන්නා වු මෙම ක්‍රියව අගය කරන බවයි. මෙවැනි අවස්ථාවක ගොවින් සියලු දෙන එක් වී කෘෂි කර්ම උපදේශක මහතුන් සමග කටයුතු කර වගාව බේරා ගැනිමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම නිලධාරින්, ගොවි සංවිධාන නියොජිතයන් සිවිල් සංවිධාන නියොජිතයන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya