මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව දිනය ලක්නව් හිදී සැමරේ

    අගෝස්තු 02, 2023

    දෙරට අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව දිනය ලක්නව් හි දී සැමරේ.

    ලක්නව් හි ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන Kunwar's Global School හිදී ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව දින සැමරුම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳ අමාත්‍යවරයා සිය දේශනයේ දී අවධාරණය කරන ලදී. ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව දින සැමරුම නව්‍ය ඉගැන්වීම් ක්‍රමවේද ගවේෂණය කිරීමට,භාවිතයන් හුවමාරු කර ගැනීමට සහ දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීම සඳහා මනා වේදිකාවක් වනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික උරුමය විදහා දැක්වෙන සංස්කෘතික අංග රැසකින් ද වැඩසටහන වර්ණවත් විය. ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සංකේතවත් කරමින් සමරු තිළිණ සහ සිහිවටන හුවමාරුව කිරීමද මෙහිදී සිදු විය.

     මෙම අවස්ථාවට,ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල අධ්‍යාපනඥයින්, සම්භාවනීය අමුත්තන් ඇතුලු නියෝජිතයින් රැසක් ද එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya