මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ කඩිනමින් ගෙවීමට කැබිනට් අනුමැතිය

    අගෝස්තු 02, 2023

    අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ කඩිනමින් ගෙවීම සඳහා ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවලියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    මෙම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මූලික වටයේදී ප්‍රතිලාභීන් 1,792,265ක් තෝරාගෙන තිබේ.

    ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 835ක් සඳහා ගෙවීම් කිරීමට එකගතාවය ලබා දී තිබේ. තවද ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84,374 දෙනෙකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබා දෙන තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩය යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීමටද එකගතාවය හිමිව තිබේ.


    තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතුරින් 119,056 දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා සම්බන්ධයෙන් පවත්වනු ලබන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට
    හිම ප්‍රතිලාභ ගෙවීමටද කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ.


    තවද වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භුක්තිවිදින 393,097 දෙනෙකුට අස්වැසුම සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ට සමෘද්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවනු ලැබේ.


    දැනට වකුගඩු රෝග ආධාර සහ අබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් සිදු කිරීම සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් තවදුරටත් ගෙවීම්
    සිදු කෙරේ. තවද රැකබලා ගන්නා නිවාසවල හෝ ආගමික සිද්ධාස්ථානවල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන , ආබාධිත හෝ වයෝවෘද්ධ පද්ගලයින් 11,660 දෙනෙකු සඳහාද අදාළ ප්‍රතිලාභ තවදුරටත් ගෙවීමට කැබිනට් පසුගිය 31 දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya