නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ගොවියා ආරක්ෂා කරගැනීමට පිටි මිල යම් මට්ටමක පවත්වාගෙන යාම රජයේ ප්‍රතිපත්තියක් - කැබිනට් ප්‍රකාශක

    ජූලි 25, 2023

    දේශීය ගොවියා ආරක්ෂා කරගැනීම සඳහා පිටි මිල යම් කිසි මට්ටමක පවත්වාගෙන යාමේ රජයේ ප්‍රතිපත්තියක් පවතින බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතිකැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අප රට බිත්තර, කුකුල් මස්, අල, ලූණු, මිරිස්, සහල්, පිටි ආදී සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරනවා නම් මෙන්ම ඒ සඳහා මුදල්ද නොමැති නම්අසීරු අවස්ථාවක එය කරන්නේ කෙසේද යන්න රජයේ ප්‍රතිපත්ති තීරකයන් තීරණය කළ යුතු කරුණක් බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ අනූව ප්‍රතිපත්ති ප්‍රකාශකයන් පිටි මිල අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල වශයෙන් පහත හෙලුවහොත් එහිදී දේශීය ලක්ෂ සංඛ්‍යාත වී වගාකරන ගොවීන් ආරක්ෂා කිරීමේ දැඩි ගැටලුවකට ප්‍රතිපත්ති සම්පාදකයන් මුහුණදෙන බවද පැවසුවේය.

    එනම් තිරිඟු මිල අඩු වුවහොත් සහල් පරිභෝජනය කරමින් සිටි ජනයා පාන් පරිභෝජනය සඳහා වැඩි පෙළඹුමක් නොහොත් නැඹුරුවක් ඇතිවන බවද කියා සිටියේය.

    යම් දුෂ්කරතාවයක් ඇති අවස්ථාවකදී එනම් කොවිඩ් 19 වසංගතය අවස්ථාවේදී දේශීය වශයෙන් පිටි නිෂ්පාදනය නොකළා නම් පිටි ආනයනය කිරීමට මුදල් නොමැති වුයේනම් පාන් කැබැල්ලක් හෝ ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද අවධාරණය කළ කැබිනට් ප්‍රකාශකවරයා එමනිසා දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක රජයක් වශයෙන් කටයුතු කළ යුතු යැයිද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya