මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම නිලධාරීන් ශක්තිමත් කරමින් ගම් මට්ටමින් ඩිජිටල්කරණ වැඩසටහන වේගවත් කිරීමට කඩිනම් ක්‍රියා මාර්ග ගන්න - අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

    ජූලි 25, 2023

    රජය නියෝජනය කරමින් ගම තුල රාජකාරී කරන ප්‍රදානම නිලධාරීයා ග්‍රාම නිලධාරීවරයා බැවින් ඔහුව ශක්තිමත් කිරීමට අමාත්‍යංශයක් ලෙස කඩිනම් ක්‍රියා මාර්ග ගත යුතු බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය,අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    රජයක් ලෙස රාජ්‍ය සේවය නව්‍යකරණය කිරීම කෙරේ දැඩි අවධානයක් යොමුව ඇති මේ මොහොතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් ඩිජිටල්කරණ වැඩසටහන හඳුන්වා දීමට වහා පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා, මේ වන විට මේ හා සම්බන්ධ කටයුතු යම් පමනකට සිදු වන කලුතර දිස්ත්‍රික්කය පදනම් කොට ගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නන්වන්යැයිද උපදෙස් ලබා දෙන ලදි.

    අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ, 24දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී අදාල අංශ ප්‍රදානීන් හා පැවති සාකච්ඡාවක දීය.

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ අස්වැසුම වැඩසටහන වඩා නිවැරදිව සිදුකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිසි බලය පැවරීමක් සිදුකල යුතුව ඇති බවයි.එමෙන්ම විෂය භාර අමාත්‍යවරයා ලෙස පළාත් පාලන ආයතන වලට ලැබිය යුතු මුද්දර ගාස්තු නිසි පරිදි ලැබෙනවාද යන්න පිළිබඳව ආමත්‍යංශයක් ලෙස පවතින සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කල යුතු බව සඳහන් කල අග්‍රාමාත්‍යවරයා 341 ක් වන පළාත් පාලන ආයතන වල වරිපනම් ගාස්තු ක්‍රමවේදයේ සංශෝධනයක් විය යතු බවද පැවසීය.යෝජිත ඩිජිටල්කරණ වැඩසටහන පළාත් පාලන ආයතන වලටද කඩිනමින් ආදේශ කරගැනීමට පියවර ගන්නැයි අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

    මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ තවත් කරුණක් වූයේ මුස්ලිම් මරණ සම්බන්ධ මරණ සහතික නිකුත් කිරීමේදී මතුව ඇති ගැටලුව පිළිබඳවයි.මුස්ලිම් මරණයක් වී පැය 24 ක් තුල භූම දාන කටයුතු සිදු කල යුතු වුවද අදාල මරණ සහතික නිකුත් කිරීමේදී මතුවන පමාව හේතුවෙන් මෙම කටයුතු සිදු කිරීමට බදා එල්ල වන බවට වන මැසිවිල්ලට අවධානය යොමු කල අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව කරුණු සොයා බලා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබූවේ යම් රෝගී තත්ත්වයක් තුල රජයේ වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබමින් හිඳ මිය යනු ලබන මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයක් සිදුවුන විටදී අදාල වෛද්‍යවරයාගේ වෛද්‍ය නිර්දේශය මත භූම දාන කටයුතු සිදු කිරීමට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

    මෙම සාකච්ඡාවට එක්වු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අමාත්‍යවරයා වතු කම්කරු ජනතාවට බලපාන ප්‍රධාන ගැටලුවක් වූ තමන්ටම වූ ලිපිනයක් නොමැති වීමේ ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරන ලදි.තමන් පදිංචි වතු නිවාසයේ අංකය මත පදනම්ව අදාළ ලිපිනය ලබා දිමට අවශ්‍ය කටයුතු සලසන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළ අතර ඒ සඳහා ඉදිරි කටයුතු සිදුකිරිමට අග්‍රාමාත්‍යවරයා අදාල නිලධාරීන්ට උපදේස් ලබා දෙන ලදි.

    මේ අවස්තාවට එක්වූ අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතා පවසා සිටියේ රට මුහුණ දී ඇති තත්ත්වය මත පදනම්ව සියලු රාජ්‍ය නිලධාරීන් වියඳම් කරන සෑම රුපියලකටම වටිනාකමක් ඇතිවන පරිද්දෙන් කටයුතු කල යුතු බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya