ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා e mobility සංකල්පය හඳුන්වා දීමේ අරමුණින් කොළඹ දී පැවැත්වීමට නියමිත ජාතික උපදේශන සමුළුව පිලිබඳ කරුණු පැහැදිලි කිරීමට එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) විශේෂ නියෝජිත මදාන් බී රිග්මි (Madan B. Regmi) මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අතර විශේෂ හමුවක් අමාත්‍යංශ කාර්යාලයේදී සිදු විය.
අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.