මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතනවලින් සිදු කරන නව නිපැයුම් සහ පර්යේෂණ වානිජකරණය කිරීමේ වැඩසටහනක්

    ජූලි 24, 2023

    කර්මාන්ත අමාත්‍යංශයෙන් විශේෂ වැඩසටහනක් වශයෙන් දේශීය විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන වලින් සිදු කරන නව නිපැයුම් සහ පර්යේෂණ වානිජකරණය කිරීමේ වැඩසටහනක් සිදු කරන බව කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් අයි.චමින්ද පතිරාජ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ “රබර්, ප්ලාස්ටික් හා බෝට්ටු ආශ්‍රිත නව නිපැයුම් සහ පර්යේෂණ, වාණිජකරණය කිරිම” යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    මෙහි දී විශේෂයෙන්ම දේශීය විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන වලින් සිදු කරන නව නිපැයුම් සහ පර්යේෂණ මෙරට කර්මාන්ත කරුවන් වෙත ඉදිරිපත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව ඒ මහතා අවධාරණය කළේය. මෙහි පළවෙනි අදියරේ වැඩසටහන ලෙස 2023 මාර්තු මස දී ආහාර සහ ආහාර සැකසුම් කර්මාන්තය මූලික කර ගනිමින් සිදු කෙරුණු අතර මෙවර එහි දෙවන අදියර ලෙස බලාපොරොත්තු වෙන බව හෙතෙම පැවසීය.

    ඒ අනුව, රබර්, ප්ලාස්ටික්, හා පොලිමර් යන අංශ වල විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන වලින් සිදු කරන නව නිපැයුම් සහ පර්යේෂණ මෙරට කර්මාන්ත අංශ වෙත ඉදිරිපත් කෙරේ.

    ඒ අනුව කර්මාන්තකරුවන් කර්මාන්ත 20 ක් යටතේ වෙනකොට එම කමන්තකරුවන් සඳහා උපදේශක කාරක සභා පිහිටුවා සමීප සබඳතා පවත්වාගනිමින් ඇති අතර විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන වලින් සිදු කරන නව නිපැයුම් සහ පර්යේෂණ තාක්ෂණික ඇගයීම් කමිටුවක් මඟින් අධ්‍යනය කර කර්මාන්ත අංශ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව චමින්ද පතිරාජ මහතා පැවසීය.

    බෝට්ට්ටු නිෂ්පාදන අංශය, පාවහන් නිෂ්පාදන අංශය, මෝටර් රථ අමතර කොටස්, ඇසුරුම්කරණ අංශය, රබර් ප්ලාස්ටික් නිෂ්පාදන අංශය වැනි සියලුම අංශ වලට අදාලව නව නිපැයුම් හා පර්යේෂණ 32 ක් මේ වන විට ලැබී ඇති අතරම එයින් 28ක් තාක්ෂණික කමිටුවෙන් තෝරා පත් කරගෙන ඇති අතර ඉන් 20 ක් ඉදිරිපත් කිරීම් ලෙසත් 08 ක් පෝස්ටර් ලෙසත් ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්දේශ කර තිබේ.

    මෙම වැඩසටහන කර්මාන්ත හා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජූලි 26 පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව මෙම ක්ෂේත්‍ර වලට අදාලව එදිනට පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා කර්මාන්තකරුවන් 250 කට පමණ පිරිසකට ආරාධනා කර ඇති අතර මෙරට කර්මාන්ත කරුවන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා නව නිපැයුම් නව සොයාගැනීම් එක්කර ගැනීමට ඉතාම හොඳ අවස්ථාවක් වන හෙයින් මෙම ක්ෂේත්‍ර වල නිරත කර්මාන්ත කරුවන්ට විවෘත ආරාධනයක් සිදු කරන බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය.

    මෙම මධ්යස් සාකච්ඡාව සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා ද සිය අදහස් දැක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya