මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    A11 මාර්ගයේ පටු පාලම් කඩිනමින් සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස්

    ජූලි 24, 2023

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හබරණ - මඩකලපුව A11 මාර්ගයේ අවදානම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් බටුඔය පාලම ඇතුලු පටු පාලම් කිහිපයක් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

    2019 වසරේදී සංවර්ධන කටයුතු ආරම්භ වූ මෙම පාලමේ ඉදිකිරීම් භාර වූ සමාගම 2021 වසරේදී පමණ ගිවිසුම අත්හිටුවා එහි ඉදිකිරීම් අතරමග නවතා දමා ඇත.
    පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර පිළිබඳව ද කරුණු සොයා බලමින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදි.
    මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya