මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මණ්ඩලයට මුහුණ දීමට සිදුවූ මූල්‍ය පීඩනය හමුවේ අඛණ්ඩ ජල සැපයීම සහතික කිරීමට ගාස්තු වැඩි කිරීමේ දුෂ්කර තීරණය ගැනීමට‍ සිදු වුනා -

    ජූලි 24, 2023

    අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.

     විදුලි බිල වැඩි කිරීම නිසා මාසිකව රු. මිලියන 500ක පමණමුදලක් නිෂ්පාදන පිරිවැය සදහා වැඩිපුර යෙදීමට සිදුවුනා
     ගාස්තු වැඩි නොකළහොත් වාර්ෂික පාඩුව රු. බිලියන 34 ක්

    සිය අමාත්‍යාංශය මගින් යෝජනා කළ ජල ගාස්තු වැඩිකිරීම සදහා කැබිනට් අනුමතිය හිමිවූ බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුහුණ දෙන මූල්‍ය පීඩනය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීමට මේ මොහොතේ මෙම දුෂ්කර තීරණය ගැනීමට‍ සිදු වූ බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා (19) පැවසීය.

    පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී ඒ මහතා මේ බව සදහන් කළේය.

    ජල නිෂ්පාදන පිරිවැයට සැලකිය යුතු දායකත්වයක් සපයන විදුලි ගාස්තු වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් මෙම වැඩිවීමට හේතු වූ බවත් අමාත්‍යවරයා සදහන් කළේය. පෙබරවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීම නිසා මාසිකව රු. මිලියන 500ක පමණ මුදලක් නිෂ්පාදන පිරිවැය සදහා වැඩිපුර යෙදීමට සිදුවූ බවත් ඒ මහතා පැවසීය.

    තවද ආයෝජන පිරිවැය (ජල යටිතල පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සඳහා), රුපියල අවප්‍රමාණය වීම සහ පොලී අනුපාත ඉහළ යෑම, ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම සමග මාසිකව රුපියල් බිලියන 2.5 ආසන්න පාඩුවක් සිදුවන බවත් ගාස්තු වැඩි නොකළහොත් වාර්ෂික පාඩුව රු. බිලියන 34 ක් වන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    ජල ගාස්තු වැඩි වුවද සමාජයේ වඩාත්ම අවදානමකට ලක්විය හැකි සාමාජිකයින් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් පහළ සමාජ ආර්ථික පසුබිම නියෝජනය කරන සමෘද්ධි සහ වතු නිවාස පාරීභෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් සිදුනොවන බවත් පැවසීය.

    එපමණක් නොව, යෝජිත ගාස්තු වැඩි කිරීමේදී අඩු ජල පරිභෝජනයක් සහ ආර්ථික වශයෙන් අවාසි සහගත සහිත පාරිභෝගිකයන් සඳහා සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ මාසික බිල්පත රු. 1000 කට නොවැඩිව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම පාසැල්, රෝහල් සහ ආගමික ආයතන සදහා සහනාධාර ලබාදීමේ විධිවිධාන ඇතුළත් බවත් පෙන්වා දෙන ලදී.

    ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත ශ්‍රී ලංකා රජය දක්වන එකගතාවය සහ තිරසාර සංවර්ධනය සදහා වන ප්‍රයත්නයට අනුකූලව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් ළගදීම හදුන්වාදීමට නියමිතව ඇත. එසේම මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya