මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක්

    ජූලි 23, 2023

    ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම කෘෂිකර්ම ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබේ.

    ඉතාලියේ රෝම නගරයේ දී ජුලි මස 17 දින සිට 21 දින දක්වා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර කෘෂිකර්ම ප්‍රවර්ධනය සඳහාජාන සම්පත් යොදා ගැනීම පිළිබඳ 19 වන සැසිවාරයට සහභාගි වීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රෝමය බලා පිටත්ව ගොස් තිබේ.

    මෙම සැසිවාරය ඉතාලියේ රෝම නගරයේ පිහිටි එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වේ.

    කෘෂිකර්ම අමාත්‍යවරයා (20 දින) එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Qu Dongyu මහතා නිල වශයෙන් හමු වී සාකච්ඡා කර ඇත.

    මෙහිදී එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ලබා දෙන සහයෝගය අමාත්‍යවරයා ඇගයීමට ලක්කළේය.

    දැනට වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ දී ගොවි ජනතාවට අවශ්‍යපොහොර, බීජ මෙන්ම තාක්ෂණික උපකාර හා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ දී එම සංවිධානය විශාල සහයෝගයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

    මීට අමතරව ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට සමගාමීව කාන්තාවන් කෘෂි ව්‍යවසායකයින් ලෙස යොමු කිරීමට ඔවුන් උනන්දු කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කෘෂිව්‍යවසායක ව්‍යාපෘතීන් සඳහා කාන්තා දායකත්වය ලැබුණු සැම අවස්ථාවකම එම ව්‍යාපෘති සාර්ථක වී ඇති බවත් ඉලක්ක ජය ගැනීමේ දී ශ්‍රී ලංකාවේකාන්තා නියෝජනය ප්‍රශස්ත මට්ටමක තිබෙන බවත් එබැවින් කෘෂිව්‍යවසායකයින් ලෙස කාන්තාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩ පිළිවෙළට ද එක්සත් ජාතින්ගේආහාර කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya