මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රියදුරන් හා කොන්දොස්තරවරු ලංගමට පත්වීම් ලබති

    ජූලි 20, 2023

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවාගත් රියදුරන් හා කොන්දොස්තරවරුන් හට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවය ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.

    බස්නාහිර පළාත තුල පමණක් දිනකට බස් රථ 400ක් සේවක හිඟය නිසා ධාවනය කිරීමට නොහැකි වී ඇත. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වන නිසා අලුතින් රියදුරන් 836ක් හා නව කොන්දොස්තර මහතුන් 290ක් බඳවා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව අද වන විට නව රියදුරන් 532 දෙනකු හා නව කොන්දොස්තරවරුන් 201 දෙනකු සඳහා පත්වීම් ලබා දී ඔවුන් සේවයේ යොදවා තිබේ.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ කවුරු ආණ්ඩු කලත් වසර 2048 වෙනකම් අපිට වැඩ කරන්න වෙන්නේ IMF සමග එකඟ වී ඇති ගිවිසුමට අනුවයි. මොකද අපි අරගෙන ඇති ණය ඒ කාලය වෙනකම් ගෙවන්න වෙන නිසා. සාමාන්‍ය ජනතාව පොදු ප්‍රවාහනය තුලින් තමයි තමන්ගේ අවශ්‍යතාවයන් බොහොමයක් ඉටු කරගන්නේ, මේ වන විට තෙල් මිල වැඩිවීම, ඉහල යාම හේතු වෙන් පොදු ප්‍රවාහනය සඳහා තිබෙන ඉල්ලුම වැඩි වී තියෙනවා.” යැයි පැවසීය.

    “මෙම වසර තුල අපි QRක්‍රමවේදය යොදාගනිමන් බස්රථ සඳහා ගෙවීම් සිදුකල හැකි නවීන තාක්ෂණික ක්‍රම වේදයක් සකස් කරනවා. ඒ වගේම මටවත් සභාපතිවරයාටත් මේ ආයතනය තනිවම බේරගන්න බැහැ. අපි ගිවිසුමකට අත්සන් කරල තියෙන්නේ 2025 වන විට ආයතනය ලාභ ලැබුවෙ නැත්නම් පුද්ගලිකකරණය කරන්න. එහෙම නොවෙන්නනම් අපි ඔක්කොටම එකට එකතු වෙන්න වෙනවා. එතකොට තමයි අපිට දියුණු වී කාර්යක්ෂම හොඳ සේවාවක් සපයන ආයතනයක් බවට පත් කරන්න පුලුවන් වෙන්නේ. හදිසි අනතුරකදී වන්දියක් ලබා ගන්න, ලෙඩක් දුකකදී බෙහෙත් ලබා ගන්න පුලුවන් විදියේ රක්ෂණාවරණයක් ඔබ වෙනුවෙන් අපි සකස් කරමින් ඉන්න බව කියන්න කැමතියි. ඒ වෙගේම ලාභ ලබන ආයතනයක් බවට පත්වුනාම ලාභයෙන් කොටසක් සේවකයින් අතර බෙදා දීමටද අපි බලාපොරොත්තු වෙනවා. තවද ප්‍රවාහන ක්ෂේත්‍රයතුල සිදුවන දූෂණ, අක්‍රමිකතා අවම කරමින් ආයතනය ලාභ ලබන තත්ත්වයට කෙටි කාලයක් තුළ ළඟා වීම තම අපේක්ෂාව බව” ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya