මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත පුද්ගලයින් සඳහා ලබා දෙන රියදුරු බලපත්‍ ලබාදීම නතර කර ඇත්තේ තාවකාලිකවයි

    ජූලි 19, 2023

    ආබාධිත පුද්ගලයින් සඳහා ලබා දෙන රියදුරු බලපත්‍ ලබාදීම නතර කර ඇත්තේ තාවකාලිකව බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    අද(19) පාර්ලිමේන්තුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගියදා පැවති පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹි බවයි. රජය සෑම විටම ආබාධිත අයට සහ බිහිරි පුද්ගලයින්ට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, බිහිරි පුද්ගලයින් සඳහා රියදුරු බලපත් ලබා දීම වසර 40 පුරා පැවති ප්‍රශ්නයක් බවයි. මේ සඳහා සාකච්ඡා වට රාශියක් පවත්වමින්,ගම්පහ දිස්ත්‍රික්කයේ නියාමක වැඩසටහනක් ආරම්භ කළ බවයි. ඒ අනුව එම නියාමක වැඩසටහන සාර්ථක වුවහොත් ජනවාරි 01 දා සිට බිහිරි පුද්ගලයින් සඳහාද බලපත් ලබා දිය හැකි බව හෙතෙම සඳහන් කළේය.

    ''රජය අබාධිත අයට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙනවා.මෙම තාවකාලික නතර කිරීම සිදු කළේ තාවකාලිකවයි, හුදෙක්ම විශේෂ අවශ්‍යතා ඇති අයට හානියක් නොවීමට සහ මගී ජනතාවට හානියක් නොවීමට පමණක් මෙම තාවකාලික නතර කිරීම සිදු කළා.

    අපේ රටේ මාර්ග පද්ධතිය අනුව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. නැවත උපදේශක කාරක සභාවට යොමු කරලා ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය නීති රීති පද්ධතිය සකස් කරනවා.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya