මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ලබන වසර වන විට සම්පූර්ණ කිරීමට පියවර

    ජූලි 19, 2023

    වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ලබන වසර වන විට සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    කිසිම ප්‍රජාවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද හෙතෙම කීය.තමා පසුගිය දිනවල කොටගල ප්‍රදේශයේ සංචාරය කරමින් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බවද හෙතෙම පැවසීය.

    නුවර එළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යල ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යෙමු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ;
    වතුකරයේ පාසල් 95%කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මුලින් මෙම පාසල් අයත් වූයේ ඒ ඒ වැවිලි සමාගම් වලට. පසුව ඒවා වතු පාසල් වුණා. මෙම පාසල් වැඩි ප්‍රමාණයක් පාලනය වූණේ පළාත් සභා වලින්. විශේෂයෙන් ඌව මධ්‍යම සහ සබරගමු පළාත් වල.මෙම වතු පාසල් වලට ඒ ඒ ප්‍රදේශ වල ගුරුවරු පත් කළා. නමුත් එහිදී භාෂා ප්‍රශ්න මතු වුණා.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම වතු පාසල් වල සංගණනයක් සිදු කිරීමට තමා උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව ඒ ප්‍රදේශ වල අවශ්‍යතාවය අනුව දමිළ භාෂෘ ගුරුවරු බඳවා ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.

    මධ්‍යම පළාතේ ගුරු සහයකවරුන් බඳවාගත් විශාල පිරිසක් සිටින බවත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉටු කර ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද කීිය. ඉදිරියේදී වෘත්තීය පුහුණු පාඨමාලාවන් පාසල් මට්ටමින් ආරම්භ කිරිම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින උපාධිධාරින් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙළ සිදු කරන බව හෙතෙම පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya