මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පඬු කරඳ පැල රෝපණය කිරීමේ වැඩසටහනක්

    ජූලි 19, 2023

    ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පඬු කරඳ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    ඓතිහාසික පුද බිමක් වන කතරගම සහ කතරගම දෙවියන් හා සම්බන්ධ පුරාවෘත්ත වල කරඳ ශාකයට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව පඬු කරඳ ශාකය සුරක්ෂිත කොට පෝෂණය කොට ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහනේ පියවරක් ලෙස (ජුලි මස 16වන ඉරු දින) පෙරවරුවේ කතරගම කෞතුකාගාරය ඉදිරිපස පරිශ්‍රයේ පඬු කරඳ පැල රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක්‌ ආරම්භ කළේ ය. .

    මෙම අවස්ථාව සඳහා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මැමහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya