මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථික ක්‍රියාවලිය සමග දේශපාලන වැඩ පටලවාගන්න එපා - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 18, 2023

    රටේ ආර්ථික ක්‍රියාවලිය සමග දේශපාලන වැඩ පටලවාගැනීම නුසුදුසු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය අමාත්‍යවරයාට තනතුරෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කැබිනට් හමුවේදී යෝජනා කළේද යනුවෙන් මාධ්‍යෙව්දියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    නිර්මාණය කරන වැඩසටහන් සහ දේශපාලන අරමුණු සදහා පවතින දේවල් වශයෙන් ඇතැම් දෑ පවතින බවද, ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය අමාත්‍යවරයා සුදුසුම දේ සිදුකර ඇතැයි විශ්වාස කරන බවද කියාසිටි ජනමාධ්‍ය අමාත්‍යබන්දුල ගුණවර්ධන මහතා ඖෂධ වල ප්‍රමිතිය හෝ මරණ සම්බන්ධයෙන් හෝවැනි ඕනෑම කරුණක් ගැන සොයා බලා රටට සත්‍ය වාර්තා කිරීමට රටේ ඉතා විශාල පිළිගැනීමක් සහිත විෂයානුබද්ධව ප්‍රවීණතාවයක් සහ ප්‍රාමාණික බවකින් යුතු විද්වතුන්ගේ කමිටුවක් පත්කර ඇතැයිද අවධාරණය කළේය.

    කිසිවෙකු හෝ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස කියූ පමණින් රටේ අමාත්‍යවරු ඉල්ලා අස් නොවන බවද කියාසිටි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ඉතිහාසයේ ගමන්මග වෙනස් කරමින් සම්ප්‍රදායිකව වසර දහස් ගණනක් පැවති, විද්‍යා, කලා, වාණිජ විෂයන් වෙනුවට තාක්ෂණවේදී විෂය ධාරාව හදුන්වාදුන් බවද සිහිපත් කළේය.

    එම වෙනසේදී බහුතරයකගෙන් විරෝධතා පැමිණියද අද රටේ දරුවන්ගෙන් වැඩිදෙනෙකු තාක්ෂණවේදී විෂයධාරාව හදාරන බවද විශ්ව විද්‍යාල පද්ධතිය තුළද තාක්ෂණවේදී විෂය ධාරාවට සුවිශාල ඉල්ලුමක් ඇතැයිද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya