මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව නැවත වරක් ආර්ථික ස්ථාවරත්වයට පැමිණෙමින් පැවතීම " කොළඹ සැලසුම" ව්‍යාපෘතියේ පැසසුමට

    ජූලි 10, 2023

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ “කොළඹ සැලැස්ම” ව්‍යාපෘතියේ මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී රෙයිස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

    රටේ පවතින වත්මන් තත්ත්වය සහ ස්ථාවරත්වය ඇති කිරීම උදෙසා රජය ක්‍රියා කරන ආකාරය පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙහිදී කරුණු පැහැදිළි කළේය.

    එහිදී ආර්ථිකය ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා ඩිජිටල්කරණය කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    “කොළඹ සැලැස්ම” ව්‍යාපෘතියේ මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී රෙයිස් මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව නැවත වරක් ආර්ථික ස්ථාවරත්වයට පැමිණෙමින් පැවතීම පැසසුමට ලක් කළේය.

    මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන් උදෙසා තම ව්‍යාපෘතියේ විශේෂ සහයෝගය ලබා දෙන බවද ආචාර්ය බෙන්ජමින් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    එළඹෙන ජූලි 12 වන දින පැවැත්වීමට නියමිත "කොළඹ සැලැස්ම" ව්‍යාපෘතියේ 72 වැනි සැමරුම් උත්සවයේ ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ආරාධනා කිරීමද ව්‍යාපෘති නියෝජිතයින් විසින් මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.
    "කොළඹ සැලැස්ම” ව්‍යාපෘතියේ මහලේකම්තුමා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya