මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 සැප්තැම්බර් මාසය වන විට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අවසන්-ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය

    ජූලි 10, 2023

    "2024 සැප්තැම්බර් මාසය වන විට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් එම පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක්වෙමින් පසුව මේ බව පැවසීය.

    ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කොළඹ වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය කි. මී.5.27ක දිගින් යුතු වේ. මංතීරු 4කින් සමන්විත එහි පළල මීටර් 25කි. ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලු මුවදොර දක්වා දිවෙන මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම කුලුනු මත ඉදි කෙරෙන පාලම් 22ක්‌ මගින් සම්බන්ධ කෙරෙනු ඇති. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක්‌ වන අතර ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300 ක සහනදායි ණය මුදලක් ලබා දෙන අතර ශ්‍රී ලංකා රජය විසින් ඉතිරි ඩොලර් මිලියන 60.2ක මුදල යෙදවීමට නියමිතයි. චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගම විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා;
    ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් අතිශය සංවේදී ස්ථානයක් වන කොළඹ වරාය පරිශ්‍රය මෙරට අධිවේගී මාර්ග ජාලය සම්බන්ධ කෙරෙන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකරන දැවැන්තම ඉදිකිරීම් ව්‍යාපෘතියක්. කොවිඩ් වසංගත තත්ත්වය හා ඉන් අනතුරුව මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ වුවද මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් නතර නොකර අඛණ්ඩව සිදුකරගෙන යෑම පිළිබඳව ඉදිකිරීම් භාර සමාගම ඇතුළු සියලුම පාර්ශව වෙත අපගේ ස්තුතිය පිරිනමනවා. කෙසේ නමුත් ඇතිවී තිබෙන නව තත්ත්වයන් යටතේ විදේශ විනිමය අගයන්හි වෙනස්කම් වලට සාපේක්ෂව මිල ගණන් වල සිදුවී ඇති වෙනස්කම් පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කරමින් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව රටටත්, ඉදිකිරීම් සමාගම් ඇතුළු අනෙකුත් පාර්ශවයන්ටත් අසාධාරණයක් හෝ අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.
    ආර්ථික මර්මස්ථානයක් වශයෙන් සැලකෙන වරාය පරිශ්‍රයේ ඉදිකිරීම් වලට කිසිදු අවහිරයක් නොවන පරිදි විශාල අභියෝගයන් රැසක් මැද සිදු කරන ලද මෙම ව්‍යාපෘතිය මේ විට 70%ක්‌ පමණ ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. දැනට අවසන් අදියරේ පවතින ඉතිරි ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් අවසන් කර එළඹෙන වසරේ සැප්තැම්බර් මාසය පමණ වන විට මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵල භුක්ති විඳීමේ අවස්ථාව අපේ රටේ ජනතාවට හිමි කර දීමට හැකියාව ලැබෙනු ඇති බවට මා විශ්වාසය පළ කරනවා. ඒ අනුව සංවර්ධිත ශ්‍රී ලංකාවක් උදෙසා වරාය නගර පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය ඉතාමත් ඵලදායි ව්‍යාපෘතියක්‌ වනු ඇති බව මගේ විශ්වාසයයි.


    චීන සිවිල් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ උප සභාපති Wang Xiangdong මහතා ඇතුළු එම සමාගමේ නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ. ඩබ්. කණ්ඩම්බි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya