මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිඳ වැටුණු රට යළි ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු රජය විසින් සිදුකරනවා - ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    ජූලි 08, 2023

    එළඹෙන වසර ආරම්භ කිරීමට පෙර බිඳ වැටුණු රට යළි ගොඩ ගැනීම උදෙසා අවශ්‍ය කටයුතු රජය විසින් සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    හෝමාගම ප්‍ර දේශයේ අද(08) පැවති රැස්වීමකට එක්මෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ වනවිටත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් විදේශීය රටවල සහයෝගය සහිතව ක්‍රියාත්මක වෙමින් පවති බවත්දැනට සිදුවන සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මාස දෙකක කාලයක් තුළ ඇනහිට ඇති සංවර්ධන ක්‍රියාදාමය නැවත ආරම්භ කිරීමට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනු ඇති බවද හෙතෙම පැවසීය. නමුත් තුලනාත්මක දේශපාලන අවබෝධයක් නොමැති කම නිසා විපක්ෂය එම උත්සාහයද කඩාකප්පල් කිරීමේ වෑයමක නිරත වන බවත්, කෙසේ නමුත් අන්තවාදී කුමන්ත්‍රණකාරී පිරිස් වලට මුලා නොවී අභියෝගයන්ට නිවැරදිව මුහුණ දීමේ වැඩපිළිවෙළ රජයක් වශයෙන්අඛන්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    දේශපාලන අරමුණ හේතුවෙන් 2003 මුල්‍ය කළමනාකරණ පනත පිළිබඳව නිවැරැදිව කටයුතු නොකිරීමේ ප්‍රතිඵල රටක් ලෙස භුක්ති විඳිමින් සිටිනවා."
    1977න් පසු සෑම රජයකටම ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා විදේශීය ණය ගැනීමට සිදු වුණා. දිගින් දිගටම ඇතිවුණු එවැනි ආර්ථික අර්බුද ජයගැනීම සඳහා 2003 වසරේ මූල්‍ය කළමනාකරණ පනත මා මුදල් අමාත්‍යවරයා ලෙස මූලික වෙමින් ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ප්‍රධාන වශයෙන් අනාගත මූල්‍ය ශක්තිමත්භාවය ඇති කිරීම උදෙසා අයවැය පරතරය පවත්වා ගැනීම, විදේශීය ණය සීමාවන් පවත්වාගෙන යාම ඇතුළු නීති රීති රැසක් ඒ යටතේ ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් දේශපාලන අරමුණ හේතුවෙන් පසුව පැමිණි රජයන් ඒ පිළිබඳව නිවැරැදිව කටයුතු නොකිරීමේ ප්‍රතිඵල රටක් ලෙස අද අපි භුක්ති විඳිමින් පවතිනවා. තම පැවැත්ම වෙනුවෙන් ආණ්ඩුවලට වැරදි උපදෙස් ලබා දුන් නිලධාරීන්ගේ උපදෙස් හේතුවෙන් මූල්‍ය කළමනාකරණ පනත දිගින් දිගටම සංශෝධනය වුණා. රටක් ලෙස බංකොලොත් භාවයට පත්වීම දක්වා ඒ වෙනුවෙන් තීරණ ගැනීමට දායක වූ සියලු දෙනා වගකිව යුතුයි.
    පසුව මුහුණපෑමට සිදුවූ පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්ව වැනි කරුණු නිසා රටට ආර්ථික වශයෙන් විශාල පහරක් එල්ල වුණා.
    පක්ෂයක් ලෙස රට ගැන සිතමින් නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සිදු වුවත්, සියලු ප්‍රශ්න විසඳා අවසන් කර නැහැ. විශේෂයෙන්ම විදේශීය ණය කිරීම පිළිබඳව අර්බුදය තවමත් පවතිනවා. කවුරුන් විසින් බලය ලබාගැනීමට උත්සාහ කළත් ණය අර්බුදයට නිවැරදි විසඳුමක් ඉදිරිපත් කිරීමේ අභියෝගය ඒ සියලු දෙනාටම පවතිනවා.
    මේ වනවිටත් විදේශ ණය ප්‍රති බිව්වා ගත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් විදේශීය රටවල සහයෝගය සහිතව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya