මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

    ජූලි 08, 2023

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.


    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.


    ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ පිළිබඳ ගැටලු, ඖෂධ වල ප්‍රමිතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.


    සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බලා යම් අඩු පාඩු සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ද සාගල රත්නායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.


    නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව රටේ සියලූම ජනතාවට උපරීම සුව සහන ලැබෙන ආකාරයෙන් පවත්වාගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රමුඛ අභිලාශය බව ද ඒ මහතා පැවසීය.
    ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමය තුළඳී සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවී ඇති අතර මෙම වසර ආරම්භයේ සිට එම හිඟ මුදල් ක්‍රමානුකූලව පියවීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය විසින් කටයුතු කර තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරිණි.


    දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදම් මූල්‍යනය කිරීම සඳහා ඇති දුෂ්කරතාවයන් සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ජා කොට හැකි උපරීම සහාය ලබාගැනීමටද මෙම සාකච්ජාවේදී තීරණය විය.


    සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් කවර හෝ රෝගියෙකුට යම් පීඩාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නිදහසට කරුණු ප්‍රකාශ කර සිටීමෙන් වැළකී රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා එහිදී අවධාරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya