මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය ක්‍රමයේ මුදල් උත්පාදන අවස්ථා බොහෝ පවතිනවා - ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන

    ජූලි 06, 2023

    වෙනත් වෛද්‍ය ක්‍රම සඳහා මුදල් වියදම් වුවද, දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මුදල් ආයෝජනය කිරීමට නැතිනම් මුදල් උත්පාදනය කිරීමේ අවස්ථා බොහෝ පවතින‍ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ඔහු මේ බව පැවසුවේ, අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    එම අවස්ථා සඳහා යාමට නම් මීට වඩා පුළුල්ව මෙම ක්ෂේත්‍රය දෙස බැලිය යුතු බව කියාසිටි ආයුර්වේද කොමසාරිස්වරයා බොහෝවිට සංචාරක කර්මාන්තය සහ ආයුර්වේදය පිළිබඳව මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ පෞද්ගලික වෛද්‍ය අංශයන් සංවර්ධනයට නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම වගාව ආදී සියල්ල සඳහා මෙම නීති ප්‍රතිසංස්කරණයන් සිදුකරන බවද අවධාරණය කළේය.

    පාර්ලිමේන්තුවේ ආයුර්වේද පනතෙහි සංශෝධනය සංශෝධනය සඳහා විධිමත්ව අනුමැතිය ලබාදුන් පසු කඩිනමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමා ලබාදුන් ඉලක්ක වෙත ළඟා වීමට බලාපොරොත්තු වන බවද රටේ සංවර්ධනයට සෘජුව දායක වී මෙරට ආර්ථික උත්පාදන ආයතනයක් මෙන්ම ආර්ථික උත්පාදන විෂය ක්ෂේත්‍රයක් ලෙස කටයුතු කිරීමට පනත සංශෝධනයෙන් ඉඩ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

    ආයුර්වේද සංග්‍රහයක් මේ වන විට සකස් කරමින් පවතින බව අවධාරණය කළ ආයුර්වේද කොමසාරිස්වරයා මෙම පනත සම්මත වනවාත් සමගම පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එහි රෙගුලාසි සෑදීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

    එමෙන්ම නීති කෙටුම්පත් සම්පාදක සහ නීතිපතිගේ උපදෙස් මගපෙන්වීම් අනූව යම් නියාමන ක්‍රමවේදයකට යාමට සූදානම් බවද දූවිල් වැදුණු, කෘමිසතුන් මීයන් ගහණ අපිරිසිදු ප්‍රමිතියකින් තොරව ඖෂධ පවත්වාගෙන යන ඇතැම් ඖෂධ වෙළඳසැල් පවතින බවද සිහිපත් කළේය.

    කසාය වට්ටෝරු සඳහා අමුද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සහ නිමි ඖෂධ අලෙවි කරන ස්ථාන වශයෙන් මෙරට දෙආකාරයක ඖෂධ වෙළඳසැල් පවතින බව කියාසිටි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා ඉදිරියේදී මෙම අලෙවිසැල් ප්‍රමිතිගත කරන බවද අවධාරණය කළේය.

    ඉතා ඉක්මණින් මෙම තත්ත්වයන් සඳහා යාමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් සාදා ගැනීම සඳහා රටේ විශ්ව විද්‍යාල සමග එක්වී තරුණ ප්‍රජාවට ඒ ආශ්‍රිත ඩිප්ලෝමාවක් හැදෑරීම තුළින් ඔවු න් ඖෂධ වෙළඳසැල් සහ ඖෂධ නිෂ්පාදනාගාර වලට එකතු කර නිවැරදි ප්‍රමිතියෙන් යුතුව අන්තර්ජාතික වෙළඳපොළට ඉදිරිපත් කළ හැකි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya