මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන සංස්කෘතිය හැදීමට නම් නීති ශක්තිමත් කළ යුතුයි- අධිකරණ අමාත්‍ය

    ජූලි 06, 2023

    දේශපාලන සංස්කෘතිය,එම දේශපාලන සංස්කෘතිය තුළින් ම හැදීමට නොහැකි නම් තිබෙන එකම විකල්පය නීතිය ශක්තිමත් කිරීම බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන් සියල්ල අධ්‍යයනය කර විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙන දූෂණ් විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අද (6) පාර්ලිමේතුවේ දී පැවසීය.

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත ( විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය -ජූනි 21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ මතු වූ කරුණුවලට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අමාත්‍යාංශයෙන් වත් පාර්ලිමේන්තුවෙන්වත් එක ශතයක් මම ප්‍රයෝජනයට ගෙන නෑ.පිළිකා රෝහලට,රිජ්වේ ළමා රෝහලට යොදලා තිබෙන්නේ, මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන්. මගේ දරුවෙකුට මේ පාර්ලිමේන්තුවෙන්,අමාත්‍යාංශයෙන් එක රුපියලකින් ඵල ප්‍රයෝජන අරගෙන නෑ. මම අවුරුදු 38ක් තිස්සේ ආදායම් බදු ගෙවනවා. ශතයක්වත් රජයට වංචා කරලා නෑ,නියමිත පරිදි බදු මුදල් ගෙවලා තිබෙනවා.

    මේ දේශපාලන සංස්කෘතිය,එම දේශපාලන සංස්කෘතිය තුළින් ම හදන්න පුළුවන් නම්, මම කැමතියි. එහෙත් සංස්කෘතිය තුළින් මෙය හැදෙන්නේ නෑ. එය හදන්න තියෙන විකල්පය කුමක් ද? තියෙන එකම විකල්පය තමයි නීතිය ශක්තිමත් කිරීම. මේ නීතිය ඉදිරිපත් කර තිබෙන්නේ, ඇයි අනපනත් ගේන්නේ? , ඔය සංස්කෘතිය වෙනස් කරන්න නම් නීතියට මුල්තැන දෙන්න ඕන.

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවුරුදු විස්සක් තිස්සේ කතා කරනවා. එය ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා නම් අපි තව පනතක් ගේන්නේ නෑ. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන් සියල්ල අධ්‍යයනය කරලා,විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙන දූෂණ් විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya