මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදු සහන ලබාදීම නිසා රට බංකොළොත් වූ බවට සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි

    ජූලි 06, 2023

    පසුගිය රජය බදු සහන ලබාදීම නිසා රට බංකොළොත් වූ බවට විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රට බංකොළොත්භාවයට පත්වූයේ පසුගිය ආණ්ඩුව බඳු සහන ලබාදුන් නිසා බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

    රට බංකොළොත් වීම වැලැක්වීමට ඉදිරිපත් කළ 2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුගමනය කළේ නම්, රට බංකොළොත් නොවන බව ද හෙතෙම සඳහන් කළේය. එය අනුගමනය නොකළ සියලු ආණ්ඩු බංකොළොත්භාවයට වගඋත්තරකරුවෝ බව ඇමැතිවරයා කීවේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ,

    මේ රට බංකොළොත්භාවයට පත් වුණේ පසුගිය රජය විසින් ලබාදුන්න බඳු සහනය නිසා ආදායම කඩා වැටීමෙන් කියළා කියනවා. ඒ ගැන විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. එය විපක්ෂ නායකවරයා පිළිගත්තට මේ රටේ ආර්ථි විද්වතෙක් පිළිගන්නේ නැහැ. මුදල් පිළිබඳ සියලු බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මේ තත්ත්වය ඇති වන බව දැනගෙන මේ සභාව විසින් 2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ වගකීම් පනතක් ඉදිරිපත් කරලා තිබෙනවා රට බංකොළොත් වෙන එක වලක්වන්න.ඒ නීතිය ඊට පස්සේ එන ආණ්ඩු අනුගමනය කළා නම් මේ රට කවදාවත් බංකොළොත් වෙන්නේ නැහැ. එලෙස බංකොළොත් වන බව දැන ගෙන තමයි මේ පාර්ලිමේන්තුව එවැනි නීතියක් සම්මත කළේ. එහෙනම් ඊට පස්සේ ආණ්ඩු කරපු සියලු දෙනාම බංකොළොත්භාවයට වගඋත්තරකරුවෝ කියන එක තමයි තර්කානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන් යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya